යුද්ධය අවසන් වන්නේ ඉරානයේම නියමයන් සහ කාලරාමුව මත පමණක් බව එරට ජ්‍යෙෂ්ඨ දේශපාලන-ආරක්ෂක නිලධාරියෙක් බදාදා (25) එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ පවසා ඇත. ඒ සඳහා වන පරමාධිපත්‍ය බලය ඇත්තේ ඉරානයට පමණක් බවද එහිදී වැඩි දුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේය.
ඒ යුද්ධය අවසන් කිරීමට ඇමරිකාව ඉදිරිපත් කළ නියමනයන්ට ප්‍රතිචාරයක් ලෙස එම නියමයන් සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමිනි.
මෙහිදී ඉරාන විසින් යුද්ධය අවසන් කිරීමට කොන්දේසි 5ක් පනවා තිබේ.
එනම්,
- සතුරාගේ ‘ආක්‍රමණ සහ ඝාතන’ සම්පූර්ණයෙන්ම නැවැත්වීම.
- ඉරානයට එරෙහිව යළි යුද්ධයකට නොඑන බවට සහතිකය.
- යුද හානි සහ වන්දි ගෙවීම් සම්බන්ධනේ පැහැදිලි අර්ථ දක්වන ලද සහතිකය.
- කලාපය පුරා යුද්ධයට සම්බන්ධ වී සිටින සියලුම ප්‍රතිවාදී කණ්ඩායම් සහ ඊට සහාය දක්වන්නන් යුද්ධය අවසන් කිරීම.
- ඉරානයේ ස්වාභාවික සහ නීත්‍යානුකූල අයිතියක් හෝමූස් සමුද්‍ර සන්ධිය ඉදිරියත් ඉරානයේ ස්වෛරීභාවය මතම ක්‍රියාත්මක කිරීම.
යන කොන්දේසිය.
Lanka Newsweek © 2026